සිරී වැඩසටහනට පාදකවී ඇති භාශා හඳුනාගැනීමේ මෘදුකාංගය (speech recognition software) නිර්මාණය කලේ අමෙරිකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අනුබද්ධ පර්යේෂණ ආයතනයක් වූ "Stanford Research Institute" හෙවත් "SRI" ආයතනයයි. පසුව එම මෘදුකාංගය වානිජව ප්‍රචලිත කිරීම සඳහා සිරි නම් පෞද්ගලික සමාගමක් (Siri Inc.) අරඹා ඔවුනට එම තාක්ශණයේ පේටන්ට් අයිතිය ලබාදී තිබුණා. පසුකලෙක ඇපල් සමාගම විසින් සිරී ආයතනය මිලදී ගත් අතර ඔවුන් සිරී නාමය වෙනස් නොකොට තබාගත්තේ තාක්ශණය බිහිකල තිඹිරිගෙය වූ SRI ආයතනයට ඇති ගෞරවයක් ලෙස බව පැවසෙනවා.අයිෆෝනයේ සිරී ක්‍රියාකරන අයුරු
ඔබ සිරිවෙත යම් විධානයක් දුන් විට, එය මුලින්ම ඔබගේ හඬ ඩිජිටල් සංඥා බවට පරිවර්තනය කිරීම සිදුකරණවා. දෙවනුව ක්‍රියාමාර්ග දෙකකට මුල පුරනවා
විධානය මීටපෙර දී තිබෙන විධානයක් නම්, නැතහොත් සරල විධානයක් නම් (උදා: address book හි ඇති අංකයකට ඇමතුමක් ගැනීම, මතක ගබඩාවේ MP3 ඇති ට්‍රැක් එකක් ධාවනය කිරීම) පරිගණකය මගින් තමන් ගැටලුව විසඳාගත් බව සර්වරයට දන්වන අතර සර්වරය සිය විශ්ලේෂණය නවතාදමනවා.

විධානය ෆෝනයේ පරිගණකයට තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ විධානයක් නම් එය සර්වරයේ විශ්ලේෂණය ලැබෙන තෙක් සිටින අතරම, විධානය පැහැදිලි කරගැනීම සඳහා භාවිතාකරන්නාගෙන් පැහැදිලි කිරීම්ද ඉල්ලා සිටිනවා.
එපමණක් නොව, වරක් සංකීර්ණ විධානයක් සාර්ථකව විසඳාගත් පසු, එය මතක තබාගෙන නැවතත් එම විධානය හෝ ඊට ආසන්න විධානයක් ලැබූවිට සර්වරයේ ආධාරයක් නොමැතිව ක්‍රියාත්මක වීමට සිරී මෘදුකාංගයේ කෘත්‍රිම බුද්ධි වැඩසටහනට හැකියාව තිබෙනවා.
එමෙන්ම ඔබගේ රුචිකත්වයන් ඉගනගෙන ඒ අනුව ඔබට සහයවීමට සිරීට හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබ නිතරම සිරී භාවිතා කරමින් ඔබ කාර්යාලය හෝ නිවස අවට ඇති ඉතාලි අවන්හල් ගැන විස්තර සොයා තිබෙනවා නම්, ඔබ වෙනත් නගරයකට ගොස් අවන්හල් පිලිබඳ විස්තරක් ඉල්ලුව හොත් සිරී එම නගරයේ ඔබ නවාතැන් ගෙන සිටිනා ස්ථානය අවට තිබෙන ඉතාලි අවන්හල් වල ලැයිස්තුවක් සකසා ඔබට ඉදිරිපත් කරනවා. මේ සඳහා ඔබ සිටිනා ස්ථානය දැන ගැනීමට GPS පහසුකම හා ගූගල් මැප්ස් (මෑතක සිට ඇපල් සමාගමේම සිතියම් වැඩසටහන) මෙන්ම ගූගල් සෙවුම් යන්ත්‍රයද භාවිතා කරනවා.
(http://vidya-gaweshana.blogspot.com/
No comments:
Post a Comment