අපි ගැන

Friday, August 24, 2012

ගොඩක් අයට එන ප්‍රශ්ණයක්නේ මේ ඉන්ටනෙට් එකේ වේගෙ මදි එක. හැබැයි ඉතිං ඒකට තමන්ගෙ පරිගණකයෙත් හොඳ හැකියාවන් තියෙන්න ඕනි. නැත්නම් මෙලෝ රහක් නැති කම්පියුටරයක් තියාගෙන නෙට් ස්ලෝ කිය කිය හිටියට වැඩ හරියන්නෙ නෑ. කොහොම හරි අද කියල දෙන්න යන්නේ පොඩිම පොඩි දෙයකින් 20%ක් අපේ ඉන්ටනෙට් එකේ වේගය වැඩි කරගන්නේ කොහොමද කියලා. පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නේ.
 

මුලින්ම “gpedit.msc” කියන එක පෙරළි කොමා නැතිව Start ---> Run හෝ Start ---> Search වල type කරලා ඒකට පිවිසෙන්න.

ඊට පස්සේ Computer Configuration ---> Administrative Templates ---> Network ---> QoS Packet Scheduler කියන පිළිවෙලට යන්න.

ඊට පස්සේ ඔයාට පේයි “Limit Reservable Bandwidth” කියල එකක් තියෙනවා. අන්න ඒක Disable කරලයි තියෙන්නේ. ඉතිං ඒක උඩ දෙපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ එන windows එකේ Enable කියන එක ක්ලික් කරලා Bandwidth Limit % කියන තැනට "0"(බිංදුව) ලබා දෙන්න.

Saturday, August 18, 2012

    Security 360 |

Security 360 යනු පරිගණක ඉහල ආරක්ශාවක් ලබාදෙන දියුනු මට්ට්මේ එකකි  

මේමගින් නරක වැඩ සටහන් ඉවත් කර එම වැඩසටහන් නිසා  සිදුවන් වැරදි නිවරදි කරයි

                                            download  

       .

Monday, July 23, 2012

ඔබත් ඔබේ පෙම්වත්යත් අතර ඇතිවන බැදීම ශක්තිමත් කරන්න වචන වලින් ලැබෙන සහය ඉතා වැදගත්.ඔබේ "විදිහ" ගැන  යම් කෙනෙකු ප්‍රශන්සා කර හොත් ඔබට දැනෙන්නේ කොයි විදිහේ හැගීමක් ද?කිසිම සැකයක් නතුව ඔබ සතු‍ටු වෙයි. ඒ විදිහට තමා ඔබේ පෙම්වතියත් ඔබෙන් බලාපොරොත්තු වෙන විචාරය. ඇය  ඔබෙන් හැමවිටම ඇගේ "විදිහ" ගැන  ඔබ හිතන විදිහ  දැනගන්න බලාපොරොත්තුවෙනවා.
මේ පහතින් තියෙන්නේ ඇයට ප්‍රශංසා කරහැකි ආකාර 3 ක්.
ඔයාට සම කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් ලෝකේ නැහැ.(You're lrreplaceable.)
ඔබ මේ විදිහට ඇය අගය කලහොත් ඇගේ දේනේත් සතුටින් බැබලේවි.අයේ ඒකේ කිසි සැකයක් නැහැ.
හැබැයි ඇගේ ඇස් දෙක් දිහා බලාගෙන මුළු හදවතින්මකියන්න ඔනේ.
තමන් ආදරය කරන කෙනා  මෙහෙම කිව්වහම අතිවන සතුට අයේ කියන්න ඔනේ නෑනේ.
මම ඔයගේ ........ගොඩක් කැමති(I love your........)
දිලිසෙන ඇස් වලට,ඇගිලිවලට,කොන්ඩයට,දේපාවලට,සිනිදු සමට යන කැමති දේයකට දාලා කියන්න පුලුවන්.
පළමුව හොදින් කල්පනා කරන්න ඔයා වැඩියෙන්ම කැමති දේ ගැන.
හැබැයි ඇයගේ ශාරිර අංගයක් පෙන්නල මම  මේකට කමති කියලා කියන්න එපා
එවිට ඇය තේරුම් ගනී ඔයා ඇය ගැන කොච්චර සැලකිලිමත් වෙනවාදා කියලා.
ඔයා මගේ  ජිවිතේයට ආලෝකේ වුනා(you bring light to my life)
බැලූ බැල්මට ඒක පරන එකක් වගේ ඒත් මිනිස් සබදතාවලට පුලුවන් .
ජිවිතේ ඕනැම අතකට හරවන්න.විශේශයෙන්ම ආදරයට.(සිරා කියුමක්)
ඇය ඔබට ආලොකයක් වුනානම් ඒක කියලා දාන එක තමා හොදම දේ..

Wednesday, July 18, 2012

Windows 8

Windows8 යනු අද ඊයේ අප හමුවට පමිනි දෙයක් නොවේ.මෙය 2011 පෙරසිට දියුණු කෙරෙනු දෙයකි. මෙහි පළමු සංස්කරණය Technical Preview නමින් 2011 ජනවාරි මස 6 දින නිකුත් කළාය.ඉන් පසුව 2011  ජුනි මස  පළමුවෙනි දින Paetner Preview නමින් සංස්කරණයක් නිකුත් කළාය.ඉන් පසුව කාටත් download කරගත හැකි     Developer Preview සංස්කරනය 2011 ,09 මස13දින නිකුත් කළාය.windows8 ජනප්‍රිය වෙමින් පවතින අංගයක් වෙන Apps සංකල්පය එකතු කරමින් 2011.12.6 දින Windows store preview  හදුන්වා දෙන ලදි.තවද 2012 පෙබරවරි 9 දින ARM Update 2012 පෙබරවරි 29 දින Consumer preview සංස්කරනයද,නවතම සංස්කරනය වන Release preview 2012 මැයි මස 31 දින හදුන්වා දුන්නය.

windows 8 හි Start මෙනුව සජිවී  tile  මගින් පරිශිලකයට හැම විටම අලුත් බවක් ලබදේ. මෙහි ප්‍රධන වශයෙන්Mail, Calendar, People, Xbox Music, Photos, Windows Store, Messaging, Weather  යන අංග අඩංගු වේ.තවද මෙම windows8  බිට් 16, බිට්32 සහ බිට්64 යන මදිලි තුනටම සහය දක්වයි.

තවද මෙහි එන  Apps  ප්‍රධන වශයෙන් Metro style Apps සහ Desktop Apps ලෙස ප්‍රධන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක.මෙහි Metro style Apps XAML,HTML,C,C++,C#,VB ,Java Script යන භාෂා වලින් හා Desktop Apps HTML,C,C++,C#,VB  යන භාෂා වලින් සමන්විතවේ.තවද  Metro style Apps සදහාApps sample ලබාගෙන visual studio 2012 මගින් දියුනුකර හැකි බව පවසේ.

Monday, July 2, 2012

ඔයාලා දන්නවද QR code ගැන?
QR code මගින් ඕනැම වචනයක්,අංකයක්,image වශයෙන් ලබාගන්න පුලුවන්.ඉතින් QR code මේ වලින් තමන් ආදරය කරන කෙනාටත් කාටත් හොරේන් පණිවිඩ යවන්න පුලුවන්. මේක නියම love කරනක්‍රමයක්. ඔයත් මේ එකට link (www.qrcode.kaywa.com)ගිහින් හිතේ තියන දේ type කරලා QR image එක ආදරේ කරන කෙනාට picture massageයවන්න. කරලා බලන්න 

Sunday, July 1, 2012

                                              ඇපල්  සිරී(Apple Siri)



සිරී වැඩසටහනට පාදකවී ඇති භාශා හඳුනාගැනීමේ මෘදුකාංගය (speech recognition software) නිර්මාණය කලේ අමෙරිකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අනුබද්ධ පර්යේෂණ ආයතනයක් වූ "Stanford Research Institute" හෙවත් "SRI" ආයතනයයි. පසුව එම මෘදුකාංගය වානිජව ප්‍රචලිත කිරීම සඳහා සිරි නම් පෞද්ගලික සමාගමක් (Siri Inc.) අරඹා ඔවුනට එම තාක්ශණයේ පේටන්ට් අයිතිය ලබාදී තිබුණා. පසුකලෙක ඇපල් සමාගම විසින් සිරී ආයතනය මිලදී ගත් අතර ඔවුන් සිරී නාමය වෙනස් නොකොට තබාගත්තේ තාක්ශණය බිහිකල තිඹිරිගෙය වූ SRI ආයතනයට ඇති ගෞරවයක් ලෙස බව පැවසෙනවා.

අයිෆෝනයේ සිරී  ක්‍රියාකරන අයුරු
 ඔබ සිරිවෙත යම් විධානයක් දුන් විට, එය මුලින්ම ඔබගේ හඬ ඩිජිටල් සංඥා බවට පරිවර්තනය කිරීම සිදුකරණවා. දෙවනුව ක්‍රියාමාර්ග දෙකකට මුල පුරනවා
විධානය මීටපෙර දී තිබෙන විධානයක් නම්, නැතහොත් සරල විධානයක් නම් (උදා: address book හි ඇති අංකයකට ඇමතුමක් ගැනීම, මතක ගබඩාවේ MP3 ඇති ට්‍රැක් එකක් ධාවනය කිරීම) පරිගණකය මගින් තමන් ගැටලුව විසඳාගත් බව සර්වරයට දන්වන අතර සර්වරය සිය විශ්ලේෂණය නවතාදමනවා.

විධානය ෆෝනයේ පරිගණකයට තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ විධානයක් නම් එය සර්වරයේ විශ්ලේෂණය ලැබෙන තෙක් සිටින අතරම, විධානය පැහැදිලි කරගැනීම සඳහා භාවිතාකරන්නාගෙන් පැහැදිලි කිරීම්ද ඉල්ලා සිටිනවා.
එපමණක් නොව, වරක් සංකීර්ණ විධානයක් සාර්ථකව විසඳාගත් පසු, එය මතක තබාගෙන නැවතත් එම විධානය හෝ ඊට ආසන්න විධානයක් ලැබූවිට සර්වරයේ ආධාරයක් නොමැතිව ක්‍රියාත්මක වීමට සිරී මෘදුකාංගයේ කෘත්‍රිම බුද්ධි වැඩසටහනට හැකියාව තිබෙනවා.
එමෙන්ම ඔබගේ රුචිකත්වයන් ඉගනගෙන ඒ අනුව ඔබට සහයවීමට සිරීට හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබ නිතරම සිරී භාවිතා කරමින් ඔබ කාර්යාලය හෝ නිවස අවට ඇති ඉතාලි අවන්හල් ගැන විස්තර සොයා තිබෙනවා නම්, ඔබ වෙනත් නගරයකට ගොස් අවන්හල් පිලිබඳ විස්තරක් ඉල්ලුව හොත් සිරී එම නගරයේ ඔබ නවාතැන් ගෙන සිටිනා ස්ථානය අවට තිබෙන ඉතාලි අවන්හල් වල ලැයිස්තුවක් සකසා ඔබට ඉදිරිපත් කරනවා. මේ සඳහා ඔබ සිටිනා ස්ථානය දැන ගැනීමට GPS පහසුකම හා ගූගල් මැප්ස් (මෑතක සිට ඇපල් සමාගමේම සිතියම් වැඩසටහන) මෙන්ම ගූගල් සෙවුම් යන්ත්‍රයද භාවිතා කරනවා.
(http://vidya-gaweshana.blogspot.com/

♦♦♦games♦♦♦