අපි ගැන

Thursday, May 3, 2012








බැදීම යන වච​නයේ තේරුම පමණක් සැලකූ විට එය එක් විමක් ලෙස පෙනෙන්නට පිළිවන මා දකින පරිදි බැදීමක් යනු එකිනෙකා අතර මනා අවබෝධයකින් යුතුව දැඩිව ඈති කර ගන්නා සම්බන්ධතාවයක්වේ. දෙදෙනෙක් හමු වී කථා කර පලියට ඔවුනොවුන් අතර බැදීමක් ඈති නොවේ. මිතුරු කමද බැදීමක් ලෙස හැදින්විමට හැක. එසේ කළ හැක්කේ හුදෙක් වචනයේ අරුත පමණක් හුවා දැක්වීම මගින්ය; උදාහරනයක් ලෙස අප පාසලේ මිතුරෙකු හෝ මිතුරියකු මිය ගිය විට දැනෙන වේදනාව සහ අප පෙම්වතා පෙම්වතිය සහෝදරයකු අහිමි වූ විට දැනෙන වේදනාව අතර මහා වෙනසක් ඈත. ​මේ අවස්ථා දෙක තුලම පවතින්නේ බැදීමක් නම් ඈයි දෙවිදිහකට අපි ඒ වේදනාව අත් විදින්නෙ. ඒකට මම දකින හේතුව නම් සම්බන්ධකම් සහ බැදීම් අතර ඈති වෙනසය. බැදීම යන වචනයතුල පිටතට පෙනෙන අරුතට වඩා ගැඹුරක් අප දැකිය යුතුය ඊට හොදම උදාහරනය නම් බෝසතානන්වහන්සේට පුත් කුමරෙකු ඉපදුන අවස්ථාවේ බැම්මක් (බාධකයක්/බැදීමක්) ඈතිවුනා යයි ප්‍රකාශ කරයි.නමුත් කුඩාකල සිට තම හොදම මිතුරා වූ චන්න නම් ඈමති බාධකයක්/බැම්මක් නොවුනි. සියලු සම්බන්ධකම් බැදීමක් ලෙස සැලකිය ​නොහැකි වන්නේ ඒ නිසාවෙනි
දෙදෙනෙක් හමුවූ මුල් අවස්ථාවේ දෙදෙනා අතර හදුනාගැනීමක් සිදුවේ එනම් මූලික පොදු කරුනු දෙදෙනා අතර හුවමාරු වේ මේ අවස්ථාවේ ඔවුනොවුන් අතර කිසිදු බැදීමක් ඈතිනොවේ එය අප තාවකාලික මතකයේ තබා ගන්නා එක් සිදුවීමක් පමණි මෙසේ කලක් ගත වෙත්ම එය මිතුරුකමක් බවට පත්වේ මේ අවස්ථාවේදි යටිහිතට තරමක්දුරට අනෙක් පුද්ගලයා ගැන මතකයේ තබා ගනී මිතුරුකම නැති වුවද හිතට දරුණු වේදනාවක් නොදැනෙන්නේ එහෙයිනි. මිතුරුකම මුහුකුරා යත්ම බැදීම් ඈතිවන්නා වූ මුල් අවධියට පිවිසේ එකිනෙ​කා ජීවිතයේ කොටසක් බවට පත්වේ.ඔවුනොවුන් නැතිව බැරිය මෙසේ ආරම්භවන සම්බන්ධය මෙතැන්සිට බැදීමක් ලෙස නම්කළ හැක එනම් සහෝදරයන් අතර පෙම්වතුන්/වතියන් අතර දරු දෙමාපිය එවන් වූ සම්බන්ධකම් බැදීමක් ලෙස හැදින්වේ.
බැදීමක් ඈතිවූ දෙදෙනෙකු අතර බොහෝවිට රහස් නොපවතී එකිනෙකා නැතිව බැරිවේ. සිදුවන සුලු ක්‍රියාවකින් වුවද සිත් තැවුල් ඈතිවේ. හැම මිතුරෙකුම හෝ මිතුරියකම අතර බැදීමක් නැතැයි මා පැවසුවේ එහෙයිනි,
බැදීම් වැඩිවු ජිවිතයක බාධා ද වැඩිවේ මක්නිසාද යත් බැදීම් අතර සිදුවන සුලු වරදකින් වුව මහා වේදනාවක් ගෙන දෙන නිසාවෙනි. අඩුවූ බැදීම් සහ වැඩි පුර මිතුදමි පවත්වාගෙන යාමෙන් නිතරම සතුටෙන් ජීවත් වීමට හැකියැයි මම විශ්වාස කරමි.

No comments:

Post a Comment

♦♦♦games♦♦♦